ජේම්ස්, බලවත් කාන්දමක් දිග ලණුවක ගැට ගසා නිව්යෝර්ක් හි වැවක ජලයට දැම්මේය. කාන්දම් මසුන් අල්ලන්නා මඩ ගෑවුණු සියයේ ඩොලර් කොළ වලින් පිරුණු පෙට්ටියක් ඇද ගත් බව දැක පුදුමයට පත් විය. එය අපරාධයකට සම්බන්ධ නැති නිසා මුදල ජේම්ස්ට තබා ගත හැකි බව පොලිසිය පැවසුවේය. සමහර කොළ ඉතා දැඩි ලෙස දිරා තිබුණු නිසා ඒවා මාරු කිරීමට නොහැකි විය. කෙසේ වෙතත් හැකි තරම්…
සුඛෝපභෝගී නැවේ හතරවන තට්ටුවෙන් තම පස් හැවිරිදි දියණිය වැටුණු බව දැන ගත් පියා අඩි හතළිහක් පහතින් වූ මහා සාගරයට පැන්නේය. නැවේ ගළවා ගැනීමේ කණ්ඩායම ඔවුන්ව ගළවා ගන්නා තුරු විනාඩි දහයක් පමණ පියා තම දියණියගේ අතින් අල්ලා ගෙන පිහිනුවේය. ඔහුගේ දියණියට කරදරයක් වී ඇති බව දැන ගත් පියා ඇයව ගළවා ගැනීම සඳහා ඔහු සතු සියල්ල අවදානමට ලක් කළේය.
බයිබලය පුරා අප…
ඇද හැලෙන ජලයේ ශබ්දය මට ස්ථිර කළේ මා නිව්යෝර්ක් නගරයේ 9/11 ස්මාරක පොකුණු වෙත පැමිණ ඇති බවයි. ඒ 2001 දී ඛේදවාචික දිනයේ සිදුවූ දුක හා දොම්නස දරා ගැනීමට බැරි වේ යැයි යන බිය නිසා මම එම ස්ථානයට යෑම මඟ හැරියෙමි. වරක් ද්විත්ව කුළුණු තිබූ ස්ථානයේ දැන් තිබෙන පොකුණු වටේ මම ඇවිද්දෙමි. මියගිය අයගේ නාම ලේඛණ බිත්තිවල කොටා තිබෙනවා දැකීම ඉතා…
මාගේ මිත්‍ර ජොස් ගිලන් නිවසක සිටියේය. පෙර සතියේ මා එහි ගිය විට ඔහු සිහි ඇතිව වැඩිපුර කථා කළේය. නමුත් සතියකට පසුව ඔහු වැහැරී කතා නැතිව සිටියේය. මම ජොස් සහ ඔහුගේ පවුලේ අය සමඟ වාඩිවී සිටියේ මගේ හිඳීම ඔවුන්ට යමක් කරාවි යන බලාපොරොත්තුවෙනි. මගේ අවසාන ගමනේ අවසානයේදී කාමරයේ ඔහුත් සමඟ සිටි අවසාන පුද්ගලයා මම වීමි. මම පිටවීම සඳහා නැගිට්ටෙමි. දොර දෙසට…
“ඔබ හොඳට ගිටාරය වාදනය කරන්නේය” කියා මම සභාවේ අළුත් මිතුරෙකුට කීවෙමි. “ස්තුතියි. එය මගේ සේවයයි” ඔහු කීවේය. අන්න ඒ වචනය නැවතත්. සේවය. ඒ කුමක්ද කියා හෝ කෙනෙක්ට සේවයක් ලැබෙන්නේ කෙසේද කියා හෝ මම දැන නොසිටියෙමි. නමුත් මාගේ මිතුරා ඔහුට දී ඇති සංගීත කුසලතාවය අන් අයට සේවය කිරීමට භාවිතා කළේය. පසුව මා සොයා ගත්තේ මගේ දීමනාව දිරිමත් කිරීම බවය. මම අසහනයට…
රාත්‍රි යාච්ඤා මෙහෙය සඳහා කාන්තාව ප්‍රවේශමෙන් පඩි එකිනෙක නැග්ගාය. ඇගේ වේදනාව හෝ හුස්ම ගැනීමට ඇති අපහසුතාවය නිසා හෝ ඇය නවතින විට ඇය පසුකර ගෙන යන මිනිසෙකු “වරකට එක් පියවරක්. ඔබට යන්න පුළුවන් එවිටයි. සෙමෙන් යන්න” යනුවෙන් කියා ගෙන ගියේය. ඔහුගේ වචන ඇයව දිරිමත් කර ඉහළට යන්න ඇයට අවශ්‍ය දිරිය දෙන්න ඇති. එදින සන්ධ්‍යාවේ මාගේ ගමනේදී වැහැරී ගිය මගේ ප්‍රාණයට එය…
එක් මොහොතකදී චිලී හි මැගලන් මුහුදේ ඒඩ්‍රියන් සිමන්කාස් තම පියා සමඟ ඔරු පදිමින් සිටියේය. ඊළඟට විසිහතර හැවිරිදි ඔහු විශාල තල් මසෙකුගේ මුඛය තුළ විය. “මම මැරුණ කියල හිතුවා” යනුවෙන් ඔහු ප්‍රවෘත්ති වාර්තා කරුවන්ට පැවසීය. තත්පර කිහිපයකින් තල්මසා ඒඩ්‍රියන්ව ශීතල වතුරට අත් හැරියේය. ඔහු ජලය මත පාවෙන කබායක් හැඳ සිටි නිසා ජලය මතු පිටට පාවීය. ඔහුගේ පියා ඔහුව ආරක්‍ෂිතව ඇද ගත්තේය.…
මා කුඩා දැරියක්ව සිටි අවදියේදී පාර දෙපස වර්ණවත් සළකුණු දැක මම සතුටු වීමි. මම සිතුවේ ඒ වර්ණවත් සළකුණු අප යමින් සිටි ප්‍රසිද්ධ විනෝද උයනට අප ළඟා වී ඇති බව පෙන්වන බවයි. නමුත් මම තව සළකුණු දකින විට මාගේ බලාපොරොත්තු බිඳේ. අප උයනට ළඟ වන්නේ බොහෝ වේලා ගිය පසුවයි. ක්‍රමයෙන් මම තේරුම් ගත්තේ එයින් අඟවන්නේ අමුත්තන් උයනට ළඟ නමුත් තවත් සැතපුම්…
මම පිහිනුම් තටාකයට පැන්න විගස මාගේ ගොගල්ස් කණ්නාඩි කුට්ටම ජලයෙන් පිරුණ අතර මට පෙණුනේ යාන්තමිනි. විධිමත් පිහිණුම් පුහුණුවක් නොමැතිව ආශාවට බැඳුණු කොටස් දෙකක පිහිණුම් තරඟය සෙමෙන් අවසන් කළෙමි. වසර ගණනාවකට පසුව පිහිණීමේ සහ හුස්ම ගැනීමේ නිවැරදි ක්‍රම ඉගෙන ගැනීමෙන් පසුව තරඟනකාරී පිහිණුම් විධි හතරම ඉගෙන ගැනීම මට මහත් ප්‍රීතියක් ගෙන දුන්නේය.
නිවැරදි පුහුණුවක් ලැබූ පසු එය කෙතරම් වෙනසක් කරාවිද? බයිබලය…
වසර ගණනාවකට පෙර මම මගේ පියා සමඟ ඉක්වදෝරයේ ඇමසන් කලාපයට ගිය විට නැරඹීමටද එහි සිටින ගෝත්‍රිකයන් ගැන ඉගෙනීමටද කුඩා ගමකට විනෝද ගමනක් ගියෙමු. මගේ ආදරණීය පියා මට අතින් සෑදූ කණකර භාණ්ඩ මිළදී ගත්තේය. ඊට කරාබු කුට්ටමක්ද ඇතුළත් විය. මා ඒවා පැළඳුවේ විශේෂ අවස්ථාවන් වලදීය. ඒ මාගේ උපන් දිනය වෙනුවෙන් මාගේ සහෝදරියගේ නිවසට ගිය අවස්ථාවද ඇතුළත්වය. චාරිකාවෙන් පසු ආපසු පැමිණි විට…